කාත්තන්කුඩියේ, විදේශීය තහනම් සංවිධානයක් ගැන අනාවරණයක්
Posted on October 27th, 2019
උපුටා ගැන්ම හිරු පුවත්
ෂයිපුල්ලා නම් සටන් කලාවට මුවා වී කාත්තන්කුඩි ප්‍රදේශයේ සහරාන් වැනි ත්‍රස්ත කල්ලි බිහි කිරීමේ සූදානමක් පවතින බව නව මහජන සේවා සංවිධානයේ සභාපති රිෂාඩ් මාරූස් පවසනවා.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.
මේ අතර, මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැදවුම්කරු නීතිඥ විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න අද පොලිස් මූලස්ථානය වෙත පැමිණ අමාත්‍ය රවුෆ් හකීම්ට එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත් කළා