කටයුතු කරන්නේ දෙමළ ජනතාවගේ සැබෑ ප්‍රශ්නවලට විසඳුම් ලබාදීමටයි
Posted on December 2nd, 2019
උපුටා ගැන්ම හිරු නිව්ස්
දෙමළ ජනතාවගේ සැබෑ ප්‍රශ්නවලට විසඳුම් ලබාදීම සඳහා කටයුතු කරන බව, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.
හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකශ කළා.
හින්දුස්ථාන් ටයිම්ස් මාධ්‍යවේදිනිය-අපිට ඇහුණා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි 13 වන ව්‍යවස්ථා සංශෝධනය ගැන පෙරදා කථා කළා. ඔබ හිතනවාද 13 වන ව්‍යවස්ථා සංශෝධනයේ විප්ලවකාරී වෙනස්කම් සිදුකළ යුතු බව..?
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ-13 වන සංශෝධනය දැනටමත් ව්‍යවස්ථාවේ තිබෙන දෙයක්, නමුත් එහි සඳහන් විදිහටම අපිට ක්‍රියාත්මක කළ නොහැකි අංග කිහිපයක් තිබෙනවා. අපිට යම් වෙනස්කම් අවශ්‍යයි. නමුත් මම හිතනවා මේ සියල්ලටම වඩා ඉන්දියාව සෑම විටම ප්‍රවිශ්ට වීමට උත්සාහ කරන්නේ එක් කෝණයකින් පමණයි. ඔවුන් සහ මේ සියලු දේශපාලනඥයින් අවබෝධ කර ගත යුතුයි නිදහසින් පසු එම ප්‍රදේශවල සංවර්ධනය සම්බන්ධයෙන් නිසි අවධානයක් යොමු වී නැහැ. ප්‍රදේශයේ ජනතාවගේ ගැටලු, රැකියා විරහිතභාවය, ධීවර කර්මාන්තයේ ගැටලු, කෘෂිකර්මාන්තයේ ගැටලු, අධ්‍යාපනය, මේවා තමයි මට උත්තර දෙන්න ඕන ප්‍රශ්න. එහෙම නැත්නම් අපිට යන එන මං නැති වෙනවා. පසුගිය රජය ව්‍යවස්ථා කෙටුම්පත් සකස් කළා නමුත් ඔබ අවබෝධ කරගත යුතුයි, සිංහල මහ ජාතියේ කැමැත්ත නොමැතිව මේ ගැටලුවලට විසඳුම් දෙන්න බැහැ. මහ ජාතියේ සැකයට බඳුන්වන යම් දෙයක් තියෙනවා නම් එය ක්‍රියාත්මක කරන්න බැහැ. එය තමයි යථාර්ථය.