පසුගිය සමයේ ජාතික ආරක්ෂාව සම්බන්ධ වගකීම් පැහැර හැරීමක් සිදුව ඇත්නම් ඊට වගකිව යුතු පාර්ශ්වවලට එරෙහිව ක්‍රියාමාර්ග ගත යුතුයි – මහාචාර්ය රොහාන් ගුණරත්න
Posted on December 11th, 2019
Hiru News
පසුගිය සමයේ ජාතික ආරක්ෂාව සම්බන්ධ වගකීම් පැහැර හැරීමක් සිදුව ඇත්නම් ඊට වගකිව යුතු පාර්ශ්වවලට එරෙහිව ක්‍රියාමාර්ග ගත යුතු බව, ජාත්‍යන්තර ත්‍රස්තවාදය සම්බන්ධ විශේෂඥයෙකු වන මහාචාර්ය රොහාන් ගුණරත්න මහතා පවසනවා.
පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දීමෙන් අනතුරුව පිටතට පැමිණි අවස්ථාවේදී ඔහු මේ අදහස් පළකළා.
මහාචාර්ය රොහාන් ගුණරත්න මහතා පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසම හමුවේ පැය 9කට ආසන්න කාලයක් ප්‍රකාශ ලබාදුන්නා.