ලධර්මවාදී කුමන්ත්‍රණයක් ගැන උඩුවේ හිමියන් හෙළි කරයි
Posted on December 11th, 2019
Hiru News
රට විනාශ කිරීමට මූලධර්මවාදී බලවේග ක්‍රියාත්මක වෙමින් පවතින බව පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් පවසනවා.
උන්වහන්සේ මේ බව කියා සිටියේ නව රජය බලයට පත්වීමෙන් පසුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ අද පැවති අමාදම් සිසිලස ධර්ම දේශනාව සිදුකරමින්.
මේ අතර, සිරිපා වන්දනා සමය ද උඳුවප් පොහොය යෙදෙන අදින් ආරම්භ වුණා.
ඒ, පැල්මඩුල්ල – ගල්පොත්තාවල ශ්‍රීපාද රජමහා විහාරස්ථානයේ තැන්පත් කර තිබූ සධාතුක කරඬුව, සුමන සමන් දේව ප්‍රතිමාවන් සහ දේවාභරණ රැගත් පෙරහර අද අලූයම ශ්‍රීපාද උඩ මළුවට වැඩම කරවීමෙන් අනතුරුවයි.
එසේම, ශ්‍රී පාදය පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත්කිරීමෙන් පසු තායිලන්තයෙන් වැඩම කරවූ බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීමද අද සිදුකෙරුණේ ශ්‍රී පාදස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න හිමියන්ගේ ප්‍රධානත්වයෙන්.