Author Archive for මතුගම සෙනෙවිරුවන්

රජයේ වෑයම ගොවියාගේ අමුඩයත් ගලවා පළවා හරින්න ද?

Saturday, January 18th, 2025

මතුගම සෙනෙවිරුවන්         2024 මාස් කන්නයේ අස්වනු කැපීම මේ වන විට ආරම්භ වී තිබේ. තද වර්ෂාවක් පැවතිය ද අම්පාර මඩකලපුව වැනි පළාත් වල මේ කටයුතු සීඝ්‍රයෙන් සිදු වෙමින් පවතී.ගොයම් කපා පගා ගැනීමට ප්‍රථම වී කිලෝවක් මිළදී ගැනීම සඳහා සහතික මිළක් නියම කිරීම රජයේ වගකීමයි. එසේ නොකළහොත් අස්වනු වැඩි කොටස එක්කාසු කරන පෞද්ගලික අංශය සිතූ සිතූ […]

More >

අමුතු දොස්තර සහ අමුතු ආණ්ඩුව

Friday, December 27th, 2024

මතුගම සෙනෙවිරුවන්               මේ දිනවල ජාතික රූපවාහිනියෙන් ප්‍රචාරය වන දැනට අතිශයින් ජනප්‍රිය වී තිබෙන අමුතු දොස්තර ටෙලි නාටකය පිළිබඳ සමාජයේ සිදු වන කතා බහ යොමුව තිබෙන්නේ ඉන් ලබන අමුතු රසාස්වාදනය සාකච්ඡා කරමින්. රසය තීව්ර කිරීම, ගැටුම් නිර්මණය මගින් කතාව උච්චස්ථානයකට පත් කර කුතුහලය ඇවිස්සීම ඒ මගින් නව රසයන් මතු කිරීම නාටකීය ස්වරූපයකි.අමුතු දොස්තර දේශපාලනමය තිර […]

More >

ඔඩපන ණය ලබා දී ගොවියා රඳවා තබා හාල් මිළ පාලනය කරන මෝල්

Saturday, November 9th, 2024

මතුගම සෙනෙවිරුවන්        රජය විසින් සහල් සඳහා පාලන මිළක් නියම කිරීම නිසා සහල් වෙළෙඳ පළ උණුසුම් වි ඇත.  නාඩු වශයෙන් නාමකරණය වූ සහල් වර්ගයේ හිඟයක් තිබෙන අතර කීරි සම්බා මිළදී ගැනීමට නොහැකි වන හෝ රුචිකත්වයක් නොදක්වන පාරිභෝගිකයන් අසරණ වී තිබේ. ඒ අතර රටේ නොයෙකුත් තැන්වල තිබෙන ප්‍රධාන සහල් ගබඩා සහ කුඩා ප්‍රමාණයේ සහල් ගබඩා පරීක්ෂා […]

More >

ජනතා පරමාධිකාරීබලය පෙන්වීමට අවුරුදු පහක් බලා සිටිය යුතුද?

Monday, October 14th, 2024

මතුගම සෙනෙවිරුවන්             මහ මැති වරණයක් පැවැත්වෙන පරිසරයක බුද්ධි ගෝචර කරුණු සාකච්ඡා කිරීමට බොහෝ අය අකමැත්තක් දැක්විය හැකිය. බලය බලය සඳහා පමණක් ය යන අදහස මත කටයුතු කරන ගතානුගතික පුද්ගලයන්ට නම් මෙවැනි බුද්ධි ගෝචර අදහස් ඉදිරිපත් වීම නයාට අඳුකොළ මෙන් විය හැකිය. එහෙත් මේ අවස්ථාවේදී සංවේදී ජනතාවගේ උත්සාහය වන්නේ පවතින ක්‍රමය උඩුයටිකුරු කිරීමට තම බලය […]

More >

මැතිවරණ තරඟ නිසා රට නැති වෙයි ද?

Thursday, September 26th, 2024

මතුගම සෙනෙවිරුවන්               සාමකාමී බල හුවමාරුවකින් පසු පත් වූ නව ජනපතිවරයා පාර්ලිමේන්තුව විසිරුවා තිබේ.නොවැම්බර් මාසයේ මහ මැතිවරණයක් තැබීමටත් අනතුරුව පළාත් පාලන මැතිවරණය පැවැත්වීමටත් සැලසුම් කරගෙන යන බව දැන ගන්නට ඇත.මැතිවරණ පෝළිමක් පැමිණෙන විට නැවතත් පෝළිම් යුගයක් ඇති වීමට යම් ඉඩකඩක් තිබේ දැයි විමසා බැලිය යුතුය.මන්ද පාර්ලි මේන්තු මැතිවරණයට පමණක් රැපියල් මිලියන එකොලහක් වැය කළ යුතු […]

More >

චන්දපොළ විශ්ලේෂණයේ නව ප්‍රවේශයක සුභ ලකුණු

Friday, September 13th, 2024

මතුගම සෙනෙවිරුවන්              ලංකාවේ සම්ප්‍රදායික දේශපාලනය දැන් චන්ද දායකයන්ට තිත්ත වී තිබේ. ජනපතිවරණයක් හෝ මහා මැතිවරණයක් ළඟාවන විට නගරයන්හි විශාල වේදිකා නිර්මාණය කර කන්න බොන්න දී මුදලක් අතමිට මොළවා බස් වලින් සෙනඟ අද්දවා සාදන රැළි තුළින් සාදන  ජනතා බලවේග ක්‍රමානුකූලව අර්බුදයට පත් වෙමින් ඇත. මෑත කාලීන ලංකා ඉතිහාසයේ වෙන කෙදිනකටත් වඩා නව වෙනසක් බලාපොරොත්තුවෙන් ජනතාව […]

More >

රණවිරුවා දංගෙඩියට යවන සත්‍ය සෙවීමේ කොමිසම  

Saturday, August 31st, 2024

 මතුගම සෙනෙවිරුවන් තිස්වසරක් තුළ පැවති කොටි ජන ඝාතක ක්‍රියාවලිය අවසන් කරන ලද්දේ 2009 වසරේ දීය.ඒ ආරක්ෂක හමුදාවන් මහජනයා සහ අතලොස්සක් පමණ වන දේශපාලඥයන්ගේ කැපවීම මතයි.ඒ දුෂ්කර සමයේ මතකය වර්තමාන තරුණ පරපුරට නැත. රජරට ප්‍රදේශ වල දුෂ්කර ගම්මාන වල ජනයා රෑට කැලේ වදිමින් දහවලට බියේ ගැහෙමින් අලපලා කොළ වලින් ජීවිකාව ගැටගසා ගත් ඒ සමය අතිශය බියකරු […]

More >

ජනපති ක්‍රමය නිසා පාර්ලිමේන්තු බලය දුර්වල විය යුතු ද?

Sunday, August 25th, 2024

මතුගම සෙනෙවිරුවන්              ලංකාවේ නව වන ජනපතිවරයා තෝරාපත් කර ගැනීම පිණිස ජනපතිවරණය ආරම්භ වී ඇති අවස්ථාවේ දී ශ්‍රේෂ්ඨාධිකරණය වැදගත් තීන්දුවක් දී ඇත.2023 පළාත් පාලන චන්දය නොපැත්වීම නිසා ජනධිපතිවරයා වශයෙනුත් මුදල් ඇමතිවරයා වශයෙනුත් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ කර ඇති බව එම තීන්දුවෙන් ප්‍රකාශයට පත් කර තිබේ.ලංකාව පුරා සිටින චන්ද දායකයන්ගේ බහුතර චන්දයෙන් පත්වන ජනාධිපතිවරයෙකු ජනතා පරමාධිපත්‍ය […]

More >

ජනපති ක්‍රමය අහෝසි කළ යුතු ද පැවතිය යුතුද

Sunday, August 18th, 2024

මතුගම සෙනෙවිරුවන්            ජනපතිවරණය පැමිණීමත් සමගම විධායක ජනපතික්‍රමය අහෝසි කළ යුතුය යන ඉල්ලීම සංවිධාන මගින් සහ විද්වතුන් වෙතින් ඉදිරිපත් වෙමින්  පවතී. එයට හේතුව පසුගිය කාලයේ මෙම ධූරය හෙබවූ පුද්ගලයන්ගේ අත්තනෝමතික ක්‍රියා පිළිවෙතය.විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවනි පාලන සමයේ මෙන්ම වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම තනතුර තාවකාලිකව හෙබවූ පසුගිය කාලයේ දී සිදු වූ ක්‍රියා […]

More >

මේ ගතවන්නේ පක්ෂ දේශපාලනයේ අවසාන සමය ද?

Tuesday, August 13th, 2024

මතුගම සෙනෙවිරුවන්          ජනපතිවරණ සමය එළඹී ඇත.රටේ නායකයා තේරීම ට ජනතා රැළි ගොඩනන්වමින් තිබේ.ඉන් විශාලතම ව ඉහළට එසැවුණු රැල්ලෙන් නව ජනපතිවරයා පත් විය හැකිය.මේ රැළි බිහි කරනුයේ මුදල් යහමින් විසි කරමීනි.රැළි වලට එකතු වන ජනතාවට නිශ්චිත අරමුණක් ඇතැයි සිතිය හැකි නොවේ.රැළි බීහි කරන්නේ පක්ෂ විසින් බැවින් ඇතැම් විට පක්ෂයේ අරමුණ ජනතාවට ඇතැයි සිතිය හැකිය.නමුත් දැන් […]

More >

 වැල් පාළමේ පැද්දීම  ආර්ථික පරිවර්තනීය ගමනක් ද?

Thursday, June 20th, 2024

මතුගම සෙනෙවිරුවන්            ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ලබා ගැනීම සහ ඔවුන් විසින් නිර්දේශ කරන ලද ආර්ථික මග අනුගමනය කරනු වස් වර්තමාන ආණ්ඩුව ආර්ථික පරිවර්තන පනතක් ගෙනවුත් තිබේ.මෙම පනත ව්‍යවස්ථාවට එකඟද නැතිද යන්න මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් සළකා බලා ඇති අතර එය ඉදිරියේ දී ප්‍රකාශයට පත් කරනු ඇත. විශේෂයෙන්ම එම පනතේ සඳහන් විදේශ ආයෝජකයා සහ දේශීය […]

More >

පහත් බිම් වලින් ජලය ගලා යෑමට ඉඩ දෙන්න

Thursday, June 6th, 2024

මතුගම සෙනෙවිරුවන්          වෙසක් පෝය නිම වීමත් සමගම ඇද හැලුණු ධාරානිපාත වර්ෂාව  මගින් ඒකතු වූ  පිටාර වතුරාව සහ ගං වතුරාව නිසා මේ වන විට දිස්ත්‍රික්ක කීපයකම විශාල විනාශයක් සිදුව අවසන්ය. විශේෂයෙන්ම ගම්පහ නගරය ,කඩුවෙල ,කොලොන්නාව ,අවිස්සාවේල්ල ,පුවක් පිටය ආදී ප්‍රදේශ යට කරමින් ගැලූ සැඩ පහර අති භයංකර විය.අත්තනගලු ඔය පිටාර ගැලීම නිසා ගම්පහ නගරය යටවීම […]

More >

පුරාවිද්‍යා ඉඩම් ආණ්ඩුවට හිසරදයක් ද?

Monday, May 27th, 2024

මතුගම සෙනෙවිරුවන්          යාපන දිස්ත්‍රික්කයේ උරුමය ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීමේ උත්සවයේදී පුරාවිද්‍යා ඉඩම් සම්බන්ධව ජනපතිවරයා කළ ප්‍රකාශය පිළිබඳව නැවතත් සමාජයේ අවධානය යොමු වී තිබේ.මීට ප්‍රථමයෙන් 2023 මැයි මාසයේ දී ජනපති ලේකම් කාර්යාලයේ පැවති ඉඩම් කළමනාකරණ  රැස්වීමකදී ද මේ බැව් ප්‍රකාශ වී තිබුණි. එහිදී පුරාවිද්‍යා ඉඩම් සම්බන්ධව පුරාවිද්‍යෘ අධ්‍යක්ෂ ජනරාල්වරයා ට යොමු කරන ලද ප්‍රශ්ණවලට ඔහුට […]

More >

ත්‍රිකුණාමලේ බෞද්ධ ත්‍රිකූටයේ අනාගත ඉරණම

Sunday, May 26th, 2024

 මතුගම සෙනෙවිරුවන්                දුරාතීතේ දී ත්‍රිකුණාමලය හඳුන්වන ලද්දේ ගෝකර්ණය යනුවෙනි. ගෝණ කර්ණය යනු ගෝණ විසින් පාලනය කරන ලද ප්‍රදේශයයි.මෙහි තිබෙන වරාය එකල ලෝකයේ තිබූ හොඳම ස්වභාවික වරායන් අතරින් එකක් විය.මේ ගෝකණ්න වරායේ නෙරා ගිය තුඩුවක කඳු වැටි තුනක් නාවිකයන්ට දිස් විය. ඒ කඳු වැටි තුනේ ස්ථූපයන් තුනක් සෑදීම නිසා සාගරයේ යාත්‍රා කරන්නන් ඒ ස්ථානය විශේෂ […]

More >

 චීන වරාය නා හිමි ඝාතනය පිළිබඳ දිවයින පත්‍රයේ මතකය

Sunday, May 19th, 2024

මතුගම සෙනෙවිරුවන්            ලංකාවේ දේශපාලන නායකයන්ගේ අත කරකවා අත්සන් කළ ඉන්දු ලංකා ගිවිසුමේ එක් කොන්දේසියක් මත ඉන්දියන් සාම සාධක හමුදාවක් ලංකාවට පැමිණියහ.මේ හමුදාව ඉන්දියානු සෙබළුන් ගෙන් සහ දෙමළ සෙබළුන්ගෙන් සමන්විත විය. ලංකාවේ සිට ඉන්දියාවට පැන ගොස් එහි යුධ පුහුණුව ලැබූ වතුකරයේ දෙමල පිරිස් සහ වන්නියේ දෙමළ පිරිස් මෙයට අයත් විය. ඉන්දියන් සාම සාධක හමුදාව නිසා […]

More >

කතිර බාගත කළ හැකි  හාල්කෑලි ආර්ථිකය

Monday, May 6th, 2024

මතුගම සෙනෙවිරුවන්             ලෝකයේ කොහේවත් නැති ප්‍රජාතන්ත්‍රවාදයක් ලංකාවේ ඇත.පක්ෂ විශාල ප්‍රමාණයක් සමග හැල හැප්පෙන  චන්ද දායකයා සිටින්නේ මහා වික්ෂිප්ත තත්වයකයි.බ්‍රිතාන්‍ය පාර්ලමේන්තු සම්ප්‍රදාය අනුව චන්ද බලයෙන් තේරී පත්වන පුද්ගලයා. පාර්ලිමේන්තු සාමාජිකයෙකු බවට පත් වේ.බ්‍රිතාන්‍යයේ පවතින්නේ දේවරාජ්‍යයකි. එවිට රජු දෙවියන්ගේ සෘජු නියෝජිතයා වෙයි. මන්ත්‍රීවරු මේ දේවරාජ්‍යය ක්‍රියාත්මක කරන සාමාජිකයන් වෙති. ලංකාවේ වෙස්මිනිස්ටර් ක්‍රමයද ඇරඹුනේ එසේමය.එයට තේරී පත්වන්නා […]

More >

බෙදා හදා ගැනීම පිළිබඳ රාජ නීතිය සහ  පැරණි මූලාශ්‍ර

Wednesday, April 17th, 2024

මතුගම සෙනෙවිරුවන් මෙරට ගැමි සමාජය හසුරුවන ප්‍රධානතම රැහැන නම් සාමූහිකත්වයයි.පැරණි ගැමියන් කිසි විටක සාමූහිකත්වයෙන් තොරව සංවිධාන ගත නොවූහ.ඔවුන්ගේ ප්‍රධානතම ආර්ථික ක්‍රියාවලිය වූ කුඹූරු ගොවිතැන සහ හේන් ගොවිතැන සාර්ථකත්වයට පත් කරනු ලැබූවේ එකට වැඩ කරගැනීමට තිබූ දක්ෂතාවයෙනි.මුල් කැටෑ හේන නම් වියළ් ගොවිතැනේ දී සියලුම දෙන එකතු වී මූකලානක් කොටා පුලුස්සා වටේ දඬුවැට සවි කර තමන්ගේ පංගු […]

More >

කච්චතිවු අපේ – සිරිමාවෝ කිව් ලිව් හැටී මෙහෙමයි

Sunday, April 7th, 2024

මතුගම සෙනෙවිරුවන්              ඉන්දියාවේ මහ චන්දය ළඟා වී ඇත.බහුජන සාක්ෂරතාවය  දුර්වල ඉන්දියාවේ චන්ද ගොඩ රැඳි තිබෙන්නේ මිනිසුන් ගේ හැඟීම් මත බැවින් ඒ හැඟීම් ඇවිස්සීමට නරේන්ද්‍ර මෝදි අගමැතිවරයා කච්චතිවු දූපත ඈඳා ගෙන ඇත. කච්චතිවු ලංකාවට ලබා දීම ගැන ඔහු ඉන්දීය කොන්ග්‍රස් බලධාරීන්ට දොස් කියා තිබෙන්නේ මේ ඇවිස්සීම කරන්නටයි.මේ උණුසුම අවුරුදු කටේ ලංකාවටත් දැනී තිබේ.ඉන්දියාවේ සරණ යන […]

More >

සිංහල අවුරුද්ද යනු  නිෂ්පාදනයට පිවිසෙන සුබ මුහුර්තයයි

Tuesday, April 2nd, 2024

මතුගම සෙනෙවිරුවන්              සූර්යයා පෘතුවියට සාපේක්ෂව යන ගමනේ දී ලංකාවට මුදුන්වන්නේ බක් මාසයේ දීය.සූර්ය රශ්මියේ තෙදබල වැඩි වැඩියෙන් අවශ්‍ය වන්නේ ගහකොළ බවභෝග වර්ධනයටයි. පැවති වර්ෂයේ යල සහ මහකන්න යන්හි අස්වනු කපා පා ගැනීමෙන් පසු ඉටු දෙවියන් සතුටු කිරීමට ගම්භාර වැව් කොටු භාර දෙවි දෙවතාවුන් සතුටු කිරීමට ගම්මඩු දෙවොල් මඩු නටා දේව දානය අහවර වීමෙන් පසු […]

More >

වඩ්ඩමාන වෙහෙරට වධ බන්ධන -බුද්ධ ශාසන ඇමතිට මන නන්දන

Thursday, March 21st, 2024

මතුගම සෙනෙවිරුවන්              වුවනියා දිස්ත්‍රික්කයේ වවුනියා උතුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ නයිනමඩු වන රක්ෂිතයේ පවතින අතිශයින් වැදගත් බෞද්ධ සිද්ධස්ථානයක් වන වඩ්ඩමාන පබ්බත විහාරය නොහොත් වඩුන්නාගල ට පසුගිය ශිව රාත්‍රී දිනයේ දී මන්ත්‍රී රවි හරන්ගේ අනුගාමිකයන් පිරිසක් කඩා වැදී පූජාවක් පවත්වන විලාශයෙන් කල කෝලාහලය පොලිසිය විසින් වලක්වා ගනු ලැබූයේ මහත් ආයාසයෙනි. මේ පිරිස අතරින් අට ‌ෙදනෙකු අත්අඩංගුවට […]

More >

සියම් දේශය සහ බෞද්ධ සබඳතා

Saturday, March 16th, 2024

මතුගම සෙනෙවිරුවන්             තායිලන්තය යනුවෙන් වර්තමානයේ හඳුන්වන රට අතීතයේ දී සියම් දේශය ලෙසට ව්‍යවහාර වුණි.මොන්ගෝලියානු ජන වර්ගයට අයත් කහ මිනිසුන් ගෙන් පැවත එන මේ රට වාසීන් ගේ සම්භවය සහ සංස්කෘතික හැදියාව වර්ධනය වනුයේ බෞද්ධ මූල ධර්මයන් අනුවයි.අතීතයේ දී තාඹුලිංගමුව යනවෙන් දැක්වුණු පෙදෙස දෙකට බෙදී බුරුමය සහ තායි සියම් දේශය යනුවෙන් බෙදී වෙන්  ව ගිය නමුදු […]

More >

බලු කපුටු නොවී  කවුඩාගල ට බැතිමත් වෙමු

Tuesday, March 5th, 2024

මතුගම සෙනෙවිරුවන්              මඩකලපු දිස්ත්‍රික්කයේ වැලිකන්ද අසේලපුර මංහන්දියෙන් බැස කි.මී. 13 ක් පමණ ගමන් කරන විට මෑතකදී විශාල කතාබහකට ලක් වූ පූජ්‍ය ස්ථානයක් හමුවේ. කවුඩාගල යයි ජන වහරේ පවතින මෙම ස්ථානය අවට කුරුලු බැද්ද රන්සර තැන්න ආදී මහවැලි ගම්මානයන් හමුවෙයි.ගම්මානවලින් බැහරව මහ ඝන වනයෙන් ඉහළට නැගී ගිය කවුඩාගල ගල් පර්වතයට ඒ නම ලැබෙන්නේ ස්වභාවිකව එහි […]

More >

උතුරේ නව දේශපාලන ප්‍රවණතා සහ සිංහල ජාතික ව්‍යාපාරය

Thursday, February 8th, 2024

මතුගම සෙනෙවිරුවන්          යාපන අර්ධ ද්වීපයේ දේශපාලනය අරුම පුදුම ක්‍රියාවලියකි.යාපන රජ පවුල නැතහොත් ආර්ය චක්‍රවර්තී රාජකීයත්වය අවසන් කර පරංගින් ගේ ආධිපත්‍ය පිහිටුවීම තුළ යාපනයේ සිටි බ්‍රාහ්මණයන් ගේ හැසිරීම විවිධාකාර විය.කතෝලික ආගම පැතිරවීම නිසා ඔවුන් ඇතැමෙක් සිය ලබ්ධිය වෙනස් කළහ. ලන්දේසි සමයේ දී කතෝලික ආගම වෙනුවට රෙපරමාදු ඇදහීම් පෙරට ඒමේ දී දකුණු ඉන්දියාවෙන් ආනයනය කරන ලද […]

More >

අනුරාධපුරය  කොනින්හැම්ට භාරදී මහාවිහාරය කුඩා කරමුද

Sunday, February 4th, 2024

මතුගම සෙනෙවිරුවන්          සිද්ධාර්ථ කුමාර උප්පත්තිය ලුම්මිනියේ නොව ලංකාවේ බඹරගල යයි මතයක් හදාගෙන යන පිරිසක් දැන් ඇත. එය සුලු කොට තැකිය හැකි නොවේ.ශ්‍රී මහා බෝධිය හිරිවඩුන්නේද ලංකාදීපය රුහුණු දනව්වේද තිබෙන විට මෙරට ‌ෙඑතිහාසික බෞද්ධ ඉතිහාසය  කෙප්පයක් බවට පත් කරන්නට හැකිය.එවිට බෙදුම්වාදී ප්‍රවණතාවයන්ට ලැබෙන ශක්තිය තේරුම් ගත හැකිය.විශ්ව බුද්ධලා මෙහෙයවන සංකල්ප  ව්‍යාජ අවලෝකිතේශ්වර බෝධි සතවයන් විසින් […]

More >

ඩෝසරයට වැව් යට කළ මහවැලිය මාදුරු ඔයෙන් යළිත් වැඩ පටන් ගනී.

Monday, January 29th, 2024

මතුගම සෙනෙවිරුවන් 1912 දී ව්‍යවස්ථාදායක මණ්ඩලයේදී මහවැලිය උතුරට හැරවීමේ වැදගත්කම ගැන කතා කලේ දෙමළ මන්ත්‍රී වරයෙකු වූ ඒ. කනක සබේ මහතාය. එයට ප්‍රධාන හේතුව වූයේ දෙමළ ඊළාම් සිහිනය එදත්  තිබුණු බැවිනි.ව්‍යාජ දෙමළ ඉතිහිසයක් මත පදනම්ව උතුරේ දෙමළ පාලනයක් තිබුණේ යැයි ඇති කළ මතය අනුව ඊළාම් රාජය්‍යට ජලය සපායා ගැනීම ඔවුන්ගේ අරමුණක්ව තිබුණි.වසර සියයකට පමණ පසු […]

More >

භෂ්ම කරනලද දම්පල් ප‍්‍රකාශය යළි ලියවමු

Tuesday, January 16th, 2024

මතුගම සෙනෙවිරුවන් මතුගම සෙනෙවිරුවන්

More >

ව්‍යවස්ථාවත් සමග සෙල්ලම් කළහොත් ලෙල්ලම් වෙයි

Thursday, October 19th, 2023

මතුගම සෙනෙවිරුවන්           උසාවියක විනිශ්චය ආසනය ඉදිරියට පමුණුවන චූදිතයෙකුට චෝදනාවන් ඉදිරිපත් කල විට ඔහු එය නොදැන සිටීම නිදහසට කරුණක් නොවේ යන්න සාමාන්‍ය පිළිගැනුමයි.වරදක් කල පසු දැන හෝ නොදැනීම යන්න උසාවියට වැදගත් නොවේ. ඒ නිසාම වින්දිතයන් විසින් තමන් වෙනුවෙන් කතා කිරීමට නීතිඥයන් ඉදිරිපත් කරති. අදාල චෝදනාවෙන් නිදහස් කර ගැනීමට අවශ්‍ය නීතිය ගැන ඔවුහු විනිශ්චය කාරවරයා ඉදිරියේ […]

More >

සංඝමිත්තා බෝධි මලුව ඇමද  සුවපත් වූ දෙමළ කාන්තාව

Sunday, October 1st, 2023

මතුගම සෙනෙවිරුවන්            දේවානම් පියතිස්ස රජ දවස මිහිඳු මහ රහතන් වහන්සේ ප්‍රමුඛ දූත පිරිස ලංකාවට වැඩම කරන ලද්දේ ධර්මාශෝක අධිරාජයා ගේ ධර්ම දූත මෙහෙවර සම්පූර්ණ කිරීමට යි.මිහින්තලා පුදබිමේ දී සම්මුඛ වූ මෙම දූත පිරිස පිළිබඳව රජු සැබවින්ම කල්තියා දැන සිටින්නට ඇතැයි සිතේ .කාලාන්තරයක් තිස්සේ ශාක්‍ය රාජ වංශයත් සමග මෙරට රජවරුන්ට තිබූ අවිච්ඡින්න සම්බන්ධය මීට හේතුවයි.විඩූඩභ […]

More >

ත්‍රිකුණාමල කොටුවට පනින්න ට්‍රොයි අශ්වයෙක් සූදානම්

Friday, September 8th, 2023

මතුගම සෙනෙවිරුවන්                ත්‍රිකුණාමලයේ කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් බොරලු කන්ද රජමහ විහාරයට අනුමත වූ ඉඩම තහනම් කිරීමට වාචික උපදෙස් දුන් නැගෙනහිර ආණ්ඩුකාර සෙන්දිල් තොන්ඩමන් ට අභියෝග කල පූජ්‍ය පොල්හේන්ගොඩ උපරතන නාහිමියන් ඇතුළු බෞද්ධ බලවේගය නිහඬ කරවන්නට මේ වන විට බොහෝ කටයුතු කෙරෙමින් පවතී.ත්‍රිකුණාමලයේ බෝගස් හතර පුණ්‍ය භූමියේ පැවැත් වීමට නියමිතව තිබූ උපසම්පදා සැමරුම් […]

More >

එරාවුර් බෞද්ධ ප්‍රබෝධය පුරාවිදු ඇසින් බලමු

Wednesday, August 23rd, 2023

මතුගම සෙනෙවිරුවන්         රුහුණු මයා පිහිටි තුන්සිංහලේ රුහුණු රටට අයත් වත්මන් නැගෙනහිර පළාත අතීතයේ දී රෝහණයේ විවිධ රජවරුන් යටතේ පලානය විය.අනුරාධපුරය ද්‍රවිඩ අක්‍රමණ වලින් පීඩිත වන කල්හි සිංහල ජනතාවට එකම පිහිට සැලසූවේ රෝහණ රාජාවලියයි. විශේෂයෙන්ම කාවන්තිස්ස රජුගේ දූර දර්ශී ක්‍රියාකලාපය නිසා මේ ද්‍රවිඩ ආක්‍රමණයන්ට විරුද්ධව නැගී සිටින්නට තරම් සේනා බලයක් රෝහණයේ වර්ධනය විය. පසු කාලීනව […]

More >

Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress